Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දීය සංචාරයක් සදහා පිටත්ව ගියා.
ඔහු සමග 7 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් ද ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම සහ ජී.එල්.පීරිස් ද වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 7.10 ට ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් ඔවුන් මෙම ඉන්දීය සංචාරය සදහා පිටත්වූ බවයි.