Gossips

මගීන් 443 ක් රැගත් ගුවන් යානයක් හදිසියේ කටුනායකට

අබුඩාබි සිට ඕස්ට්‍රේලියාව බලා ගමන්ගත් ඉටිහාඩ් ගුවන් සේවයට අයත් ඒ -380 වර්ගයේ ලොව විශාලතම ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා.
ඒ එහි ගමන් ගත් 29 හැවිරිදි රුමේනියා ජාතිකයෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්.
පසුව ඔහු කටුනායක ගුවන්තොටුපලේ වෛද්‍ය ඒකකයේ නිළධාරින් වෙත භාරදීමෙන් අනතුරුව, කඩිනමින් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා.
පසුව, මෙම ගුවන් යානය රුපියල් අනූ හත්ලක්ෂ 74,000 ක ඉන්ධන කටුනායක ගුවන්තොටුපලින් ලබා ගැනීම ද විශේෂත්වයක්.
එසේම, යානය කටුනායක ගුවන්තොටුපලට ගොඩබැස්සවීමේදී කාර්මික දෝෂයක් ද හට ගෙන ඇති අතර ඒ අනුව එය අද යළි පිටත්ව යාම අවලංගු කර තිබෙනවා.
ඒ හේතුවෙන් එහි සිටි මගීන් 443 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු ගුවන්තොටුපල අවට සංචාරක හෝටල් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.