Gossips

ලොව විශාලතම ගුවන් යානයක් හදිසියේම කටුනායක ගුවන්තොටුපලට

ලොව විශාලතම ගුවන් යානාවක් වන A – 380 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන හදිසියේම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවා.
ඒ ගුවන් මගියෙකුට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන්.
මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇත්තේ අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ , සිඩ්නි බලා ගමන්කරමින් තිබූ ගුවන් යානයක්.
එහිදී රෝගියා ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව ගුවන් තොටුපළ ගිලන් රථයක් මගින් මීගමුව පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර සදහා කඩිනමින් ඇතුළත්කර තිබෙනවා.
මෙලෙස රෝගී වී ඇත්තේ 29 හැවිරිදි රුමේනියානු ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.
මේ අතර ගොඩබස්වන ලද ගුවන්යානය වෙත රුපියල් අනූ හත් ලක්ෂ හැත්තෑ හතර දහසක් (97,74,000) ක් වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් එක් ලක්ෂ හත්සිය හැටක් (L 100,760) ක් සපයා තිබෙනවා.
කෙසේ වෙතත් යලි ගුවන් යානය පිටත්වීමට සූදානම් වීමේදී අනාවරණ වී ඇත්තේ ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.
ඒ අනුව යළි පිටත්ව යෑම අවලංගු කර, එහි සිට මගීන් සහ කාර්යය මණ්ඩලය ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර ඇති බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු ප්‍රකාශ කරන්නේ.
ගුවන් යානය තුළ මගීන් 443 ක් සහ කාර්යය මණ්ඩලය 21 ක් ගමන් කර තිබුනා.