Gossips

ඥානසාර හිමියන්ගේ මාස 6ක සිර දඬුවම වසර 5කට අත්හිටුවයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළා.
ඒ සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.
එම අභියාචනයේ තීන්දුව මීට සුළු වේලාවකට පෙර හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කළා.
සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවමක් නියම කළා.
පසුව උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදා ඊට අදාළව අභියාචනයක් ගොනුකළ අතර, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය ජනවාරි 30 වන දායි.
එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් තීන්දුව අද ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා එදින ප්‍රකාශ කළා.