Gossips

අහුංගල්ලේ පාසලක ක්‍රීඩා පිටියක තිබී ජීව අත්බෝම්බයක්

අහුංගල්ල ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක් අසල තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එය නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට දැනුම්දී ඇති බවයි.
පාසලේ ක්‍රීඩා පිටිය ආසන්නයේ නව තාප්පයක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසක්, මෙම ජීව අත්බෝම්බය අද (08) සොයා ගෙන තිබුණා.