Gossips

පොන්ටින්ට අලූත් තනතුරක්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ සහය පුහුණුකරු ලෙස ප්‍රවීන ක්‍රීඩක සහ හිටපු නායකයෙකු වන රිකී පොන්ටින් නම් කර තිබෙනවා.
ඔහු මේ වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායමේ පුහුණු කටයුතුවලට එක්වන බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඕස්ට්‍රේලියානු පිළේ වත්මන් පිතිකරණ පුහුණුකරු ග්‍රැහැම් හික්, අළු බඳුන තරගාවලිය සඳහා කණ්ඩායම සූදානම් කරන අතර, පොන්ටින්ට ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන පුහුණු කටයුතු සිදුකිරීම පැවරෙනවා.
පන්දු වාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වන දා සිට ජුලි 14 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.