Gossips

දඹුල්ලේ විදුහලක සිසුන් හා දෙමව්පියන් විරෝධතාවක

ඒ 9 ප්‍රධාන මාර්ගය දඹුල්ල – ලෙනදොර ප්‍රදේශයෙන් අවහිර කරමින් දඹුල්ල – පන්නම්පිටිය – ශ්‍රී මලියදේව ප්‍රාථමික විදුහලේ සිසුන් සහ දෙමව්පියන් පිරිසක් අද උදෑසන විරෝධතාවක නිරත වුණා.
ඒ, 5 ශ්‍රේණිය සඳහා ස්ථීර ගුරුවරයෙකු ලබා දෙන ලෙස ඉල්ලමින්.
මේ වන විට විරෝධතාකරුවන් ඒ – 9 මාර්ගයෙන් ඉවත් වී ඇති අතර, දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ සාකච්ඡාවක ද නිරත වූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.