Gossips

තායි රජ කුමරියක් ඡන්ද සටනට

මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්‍යා කුමරිය තායි අගමැති ධුරය සඳහා තරඟ වදින බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
67 හැවිරිදි ඇය තායි රක්ෂ චාට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙසයි තරඟ වදින්නේ.
එය තායිලන්ත ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසයි හඳුන්වා ඇත්තේ රාජකීයන් දේශපාලනයට පිවිසීම විරල සිද්ධියක් වීම හේතුවෙන්.
රාජකන්‍යා කුමරිය තායිලන්තයේ හිටපු රජු වන භූමිබෝල් අදුල්යාදෙජ් රජුගේ සහ සිරිකිත් රැජිණගේ පළමු දරුවා ලෙස ස්විට්සර්ලන්තයේදී උපත ලැබූවේ 1951 වසරේදියි.
තායිලන්ත මහමැතිවරණය මාර්තු 24 වන දා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉදිරිපත් වන බව වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඕචා ද ප්‍රකාශ කළා.