Gossips

කෝටි 4කට වැඩි කේරළ ගංජා පෑලියගොඩින් අල්ලයි

රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් පෑලියගොඩ දී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදියි.
මෙම කේරළ ගංජා තොගය වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.
මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.