Gossips

හිම කුණාටුවක් නිසා දිල්ලියේ ගුවන් ගමන් අඩාලයි

තද වැසි සහ හිම කුණාටුවක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් රැසක් අඩාල වී තිබෙනවා. හිම කුණාටුව නවදිල්ලි අගනුවරට මෙන්ම යාබද නගර රැසකට ද බලපා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ඊයේ පස්වරු 6 සිට 8.45 දක්වා කාලය තුළ ගුවන් ගමන් 38ක්, වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව දිල්ලිය වෙත පැමිණි ගුවන් යානා ජායිපූර්, ලක්නව්, අමිර්ත්සාර්, වාරනාසි සහ ඉන්දෝර් ගුවන් තොටුපළ වෙත හරවා යැවූ බවයි දිල්ලි ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කළේ.
මේ අතර, කාශ්මීර කලාපයට ද දැඩි හිමපතනයක් ඇති වී තිබෙන අතර, ශ්‍රී නගර් ගුවන් තොටුපළේ සියළු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ජම්මු කාශ්මීරයේ හිමපතනයට ගොදුරු වූ ඉන්දීය පොලිස් භටයන් 6 දෙනෙකු, ගිනි නිවන භටයන් දෙදෙනෙකු සහ සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්.