Gossips

තවත් IMF ණයක් ගැනීමට සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් නව ණය මුදලක් ලබා ගැනීම පිළිබදව මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ ඉඟියක් කළා.
නව වැඩසටහනක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන පෙබරවාරි 14 වන දා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත්, භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග සඳහන් කළේ එම සාකච්ඡා ප්‍රධාන වශයෙන් මේ වසරේදී නිමවීමට නියමිත මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ තුන් වස් ණය වැඩසටහන පිළිබදව කේන්ද්‍ර ගත වන බවයි.
කෙසේ නමුත්, නව ණය වැඩසටහනක් ඉන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.