Gossips

ක්‍රිස් ගේල් කොදෙව් සංචිතයට කැදවයි

ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට යලි කැදවා තිබෙනවා.
ආරම්භක පිතිකරු එවින් ලූවිස් ද එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරඟ දෙක සඳහා කැදවා ඇති බව සඳහන්.
ක්‍රිස් ගේල් අවසන් වරට කොදෙව් පිළ වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වූයේ පසුගිය වසරේ ජුලි මාසයේදී බංග්ලාදේශයට එරෙහිවයි.
බටහිර ඉන්දීය කොදෙව් පිළ සහ එංගලන්තය අතර පළමු එක්දින තරඟය පෙබරවාරි 20 වන දා බ්‍රිජ්ටවුන් හිදී පැවැත්වීමට නියමිතයි.