Gossips

එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, නාවික හමුදාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලූතිනන් කර්නල් ඩග්ලස් සී. හෙස්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී තිබෙනවා.
නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ මෙම හමුව සිදුවූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
එහිදී ඔවුන් ද්වි පාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡාවක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරන සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවූ බව නාවික හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.