Gossips

කළුතර හිටපු සභාපතිට වසර 05 ක සිරදඬුවම්

ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරුවූ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5 ක බරපතල වැඩසහිත සිර දඩුවම් කොළඹ මහාධිකරණය අද නියම කළා.
නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනා 4 ට අදාළව එක් චෝදනාවකට වසර 5 බැගින් සිරදඩුවම් නියම කෙරුණු අතර, එය වසර 5 කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක වනවා.
එමෙන්ම අදාළ ඉඩම් වෙන්දේසි සමාගමේ හිමිකරුට රුපියල් 20,000 ක වන්දියක් සහ රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කෙරුණා.
එසේම, හිටපු සභාපතිවරයා අල්ලස් ලෙස ලබාගත් රුපියල් තිස් ලක්ෂයක මුදල දඩයක් ලෙස රජයට ගෙවන ලෙසටද විනිසුරුවරයා මෙහිදී නියෝග කරනු ලැබුවා.
එම දඩය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවමක් නියම කරන බවයි විනිසුරුවරයා සදහන් කළේ.
ලක්ෂ්මන් විදාන පතිරණ මේ වනවිට කළුතර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.