Gossips

පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් 4 ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ තිස්සමහාරාමයේ උණුසුම් තත්ත්වයක්

තිස්සමහාරාම – උද්දකන්දර ප්‍රදේශයේදී පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ 4 ක් සහ පස් කැණීම් සඳහා යොදා ගත් යන්ත්‍රයක් පොලීසිය අත්අඩංගුවට ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
හිරු වාර්තාකරු සඳහන් කළේ තංගල්ල කොට්ඨාශ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරින් එක්ව අද දහවල් සිදුකළ වැටලීමකදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි.
එහිදී පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රියදුරන් පොලිස් නිලධාරියෙකුට පහරදීමක් ද සිදුකර තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා තිස්සමහාරාම සහ කිරින්ද පොලිස් ස්ථානවල නිලධාරින් එම ස්ථානවලට කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.