Gossips

ජාතික ආණ්ඩු යෝජනා විවාදය ඉදිරි පාර්ලිමේන්තු සතියට

ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණත්, පසුව, එය ඉවත් කර ගැනුණා.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අදාළ යෝජනාව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන බවයි.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ ආණ්ඩුවේම පාර්ශව කිහිපයකින් එල්ල වූ විරෝධය හේතුවෙන් අදාළ යෝජනාව විවාදයට ගැනීම අත්හිට වූ බවයි.
එමෙන්ම, ඊට විපක්ෂයේ සෙසු සියලූ පක්ෂද විරෝධය පළ කළා. මේ අතර, අදාළ ජාතික ආණ්ඩු යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් කණ්ඩායමක්ද විරෝධය පළ කරනවා.
ඒ සම්බන්ධයෙන් පසුපෙල මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී විශේෂ සාකච්ඡාවකද නිරත වුණා.
යෝජනාව ඉවත් කර ගැනීමට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ට දන්වා තිබුණේ ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට ගැනෙන අද දිනය පුරා පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය මෙන්ම එම යෝජනාවට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවයි.