හොරණ ඇල්ලකන්ද ප්‍රදේශයේ කුඩා දිය පහරක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.
අද දහවල් දිය නෑමට ගිය ළමයෙකු මෙම මළ සිරුර දැක ඇති අතර ඔහු ඥාතීන් දැනුවත් කිරීමෙන් පසුවයි මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.
ඔහුගේ වයස අවුරුදු 40 ත් 45 ත් පමණ වන බවට සැක කෙරෙනවා.
මෙය ඝාතනයක් ද යන්න පිළිබඳ මෙතෙකක් හෙළිවී නොමැති අතර හොරණ පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.