Gossips

වතු කම්කරු වැටුප ගැන සාකච්ඡාව පස්වරු 1 ට

වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර ගැනීමේ සටනට ආණ්ඩුව මැදිහත් නොවුනහොත් සිය අමාත්‍යධුරයෙන් තමන්ද ඉල්ලා අස්වන බව විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකළහොත් අමාත්‍ය ධූරවලින් ඉවත් වන බවට මීට පෙර අමාත්‍යවරුන් වන මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් ද ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් සාකච්ජාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.