Gossips

අල්ලස් ගත් දේශපාලනඥයෙකුට අධිකරණයෙන් අද ලැබුනු නියෝගය

ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවකට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5 ක බරපතල වැඩසහිත සිර දඩුවම් කොළඹ මහාධිකරණය අද නියම කළා.
ඒ ඊට අදාල නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමිනුයි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම නියෝගය කරනු ලැබුවේ.
හිටපු ප්‍රාදේශීය සභාපතිවරයාට එරෙහිව චෝදනා 4 ට එකකට වසර 5 බැගින් මෙම සිර දඩුවම නියම කර තිබෙනවා.
එමෙන්ම අදාළ ඉඩම් වෙන්දේසි සමාගමේ හිමිකරුට රුපියල් 20,000 ක වන්දියක් සහ තවත් රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කෙරුණා.
ඊට අමතරව විත්තිකරු අල්ලස් ලෙස ලබාගත් රුපියල් තිස් ලක්ෂයක මුදල දඩයක් ලෙස රජයට ගෙවන ලෙසටද විනිසුරුවරයා මෙහිදී නියෝග කළා.
එම දඩය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවම් නියම කරන බවයි ඔහු කියා සිටියේ.