Gossips

දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයෙන් පාකිස්ථානයට ජය

දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්දින විස්සයි විස්ස තරගය ලකුණු 27කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 168 ක්.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දු වාර විස්ස අවසානයේදී රැස් කරගත හැකිවූයේ ලකුණු 141 ක් පමණයි.
එහිදී පාකිස්ථානයේ මොහොමඩ් අමීර් පන්දු වාර 4 ක් තුළදී ලකුණු 27 කට කඩුලූ 3ක් බිඳ හෙලූවා.