Gossips

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ කාන්තාවක් හොරණදී අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ කාන්තාවක් හොරණ – මීමන ප්‍රේමතිලක මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් ඊයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව 69 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරියක්.
සැකකාරිය නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී ඇය සතුව තිබී රුපියල් දෙලක්ෂ 95,000 ක මුදලක් සහ විදේශ ගමන් බලපත්‍ර 40 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.