Gossips

ජාතික ආණ්ඩු යෝජනාව මීලඟ පාර්ලිමේන්තු සතියේදී විවාදයට

කල් දැමුණු ජාතික ආණ්ඩු යෝජනාව ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද දින ඉදිරිපත් කිරීමට තිබූ අදාළ යෝජනාව කරුණු කිහිපයක් මත කල් දැමුණු බවයි.
පක්ෂ නායක රැස්වීමේදීද ඊට පක්ෂ නායකයින් කාලය ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ කර තිබූ බවත් කථානායකවරයාද ඒ සම්බන්ධයෙන් සළකා බලන බවට දැනුම් දී තිබූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.