Politics Sri Lanka

ගෝඨාගේ නීතීඥයින්ගේ ඉල්ලීම සලකා ඇවන් ගාඩ් අල්ලස් නඩුව කල් යයි

ගෝඨාගේ නීතීඥයින්ගේ ඉල්ලීම සලකා ඇවන් ගාඩ් අල්ලස් නඩුව කල් යයි

ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාවක්‌ පවත්වාගෙන යැමට ඇවන්ගාඩ් සමාගමට ඉඩ දීමෙන් රජයට රුපියල් බිලියන 14.4ක පාඩුවක්‌ සිදු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනකුට එරෙහිව කොළඹ මහෙස්‌ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩුව විභාග කිරීම කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (26) නියෝග කර තිබේ.

මෙම නඩුවට අදාළ ප්‍රතිසංශෝධන අයදුම්පතක් මේ වනවිට අභියාචනාධිකරණයේ ගොනුකර ඇති බැවින් සහ අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවන නඩු සම්බන්ධයෙන් මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් ශ්‍රේෂ්ඨ නීතිඥයන් සහභාගි වීමට නියමිත බැවින් මෙම නඩු විභාගය මාර්තු 26 දිනට කල් තබන ලෙස අද දින ගෝඪාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ වනවිට මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිය විසින් නඩුව ආරම්භයේදී ගොනුකරන ලද මූලික විරෝධතාවය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම නියෝගවලට අදාළ ප්‍රතිශෝධන ශ්‍රේෂ්ටාධිකරණයේ ගොනු කර තිබේ.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධ නඩුවේ එක් සැකකාරියක වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඇය රාජ්‍ය සේවක නීතී රීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වී සිටී.