Gossips

විමල්-දිනේෂ් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙයි

තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) උදෑසන පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවූ බව මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.
විනාඩි 15 ක කාලයක් තමන් ඇතුළු පිරිස එලෙස සිටි බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එහිදී තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට ස්වසන අපහසුතාද මතුවූ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනද එහි සිටි බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ විවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා.
ඒ, කථානායක කරූ ජයසූරිය ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමත් සමඟයි.
කථානායකවරයා සභාව ඇමතීමෙන් පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
පවතින තත්වය හමුවේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායකවරයා තීරණය කළ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබුණා.