Gossips

ප්‍රියංකා ගාන්ධිගේ සැමියාට මූල්‍ය විශුද්ධිකරණ චෝදනා

කොංග්‍රස් පක්ෂයේ දේශපාලන කටයුතු සඳහා ප්‍රියංකා ගාන්ධි එක්වීමත් සමඟ ඇයගේ සැමියා වන ව්‍යාපාරික රොබට් වද්‍රා ට මූල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ලවී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පැමිණෙන ලෙස ඉන්දීය මධ්‍යම පර්යේෂණ කාර්යාංශය ඔහුට දැනුම්දීමක් කර ඇති බව සඳහන්.
කෙසේ නමුත් මේ පිළිබඳ හෝඩුවාවක් ලැබීමත් සමඟ තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අපේක්ෂිත ඇපයක් ලබාගැනීමට රොබට් වද්‍රා කටයුතු කළා.
කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිගේ මස්සිනා ද වන ඔහු කියා සිටියේ මේ අවස්ථාවේ මෙම චෝදනා දේශපාලන අරමුණකින් එල්ල කරන බවයි.
ලන්ඩනයේ ඔහු සතු නිවහන් කිහිපයක් කොංග්‍රස් පක්ෂය බලයේ සිටි සමයේ උපයාගත් ධනයෙන් මිලදී ගත් බවට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය චෝදනා කරනවා.