Gossips

හිරු CIA වැටලූ රණවිරුවන් සූරාකෑම

මියගිය හා ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දෙන බව පවසමින් මුදල් එක් රැස් කරන සංවිධානයකට රණවිරුවන් පිරිසක් ඊයේ එප්පාවල අධිරාණිගම ප්‍රදේශයේදී විරෝධතා එල්ල කළා.
ඔවුන් චෝදනා කලේ අදාල සංවිධානය ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 3,000 ද ලබාගෙන වසර තුනක සිට රණවිරුවන් රවටන බවයි.
අනුරාධපුර , එප්පාවල, අධිරාණිගම ප්‍රදේශයේ පවත්වාගෙන යන මානව හිමිකම් හා ස්වාභාවික සම්පත් සුරැකීමේ ජාතික සංවිධානය නම් කාර්යලයක් මගින් කලක සිට මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ තොරතුරු ලබා ගෙන තිබුනා.
ඒ රණවිරුවෙකු සදහා රුපියල් ලක්ෂ 30 ක මුදලක් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලබාදෙන බවට පොරොන්දු වෙමින්.
එම මුදල ලබාදීම සදහා රණවිරුවන්ගේ තොරතුරු මෙන්ම රුපියල් 3,000 ක මුදලක් ද අය කර තිබෙනවා.
මෙහි සාමාජිකත්වය ගැනීමට පැමිණෙන රණවිරුවන්ට සංවිධානයේ නිලධාරීන් පවසා ඇත්තේ මේ වනවිට රුපියල් කෝටි 31 ක චෙක්පතක් ද ලැබී ඇති බවයි.