Gossips

ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට එරෙහිව විරෝධතා

බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවක නිරතවුණා.
ඒ, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.
පසුගිය 3 වනදා සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ සංවර්ධන නිලධාරියා මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාළ සිද්ධියට ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත යුතු බවයි විරෝධතාවයේ නිරත නිලධාරීන් පෙන්වා දෙන්නේ.