මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිටදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.
අද දහවල් 12.30 ට පමණ අනතුර සිදුව ඇති අතර ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකකට යටවීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බරපතල තුවාල ලැබු 29 හැවිරිදි ඔහු මහනුවර මහ රෝහලට ඇතුලත් කරන අවස්ථාව වන විට ද මරණයට පත්ව තිබු බව සඳහන්.
මොණරාගල සිට පැමිණි ලංගම බස් රථයක සහ දිගන දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයකට මෙම තරුණයා යටවී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
මියගොස් ඇත්තේ මැණික්හින්න ප්රදේශයේ පදිංචිකරුවෙක්.
බස් රථවල රියදුරන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.