Gossips

රාජ්‍ය බැංකු දෙකකට වැඩබලන සභාපතිවරුන් පත් කෙරේ

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙකු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස පත්කර තිබෙනවා.
මේ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ලංකා බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඒ.ආර්. දේශප්‍රියයි.
එසේම එහි නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.
මෙම ලේකම්වරුන් දෙදෙනා අදාළ බැංකු දෙකෙහි අධ්‍යක්‍ෂ මණ්ඩලවල මහා භාණ්ඩාගාර නියෝජිතයන් ලෙස ද කටයුතු කරනු ඇති.