Gossips

ශ්‍රී පාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙන වසා දැමේ

හැටන් – පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ශ්‍රී පාද විද්‍යා පීඨයේ මුළුතැන්ගෙය මෙලෙස වසා දමා ඇත්තේ මහජන සෞඛ්‍යයට අහිතකර සහ අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන යාම හේතුවෙන් බවයි පොලීසිය සඳහන් කළේ.
එය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් පවත්වාගෙන යන අතර වහාම පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර වාර්තා කරන ලෙසයි ඔහුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම් දී ඇත්තේ.
විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභීන් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම මුළුතැන්ගෙය ඊයේ දිනයේ පරීක්ෂාවට භාජනය කෙරුණේ.