Gossips

පුළුල් සන්ධානයක් ගොඩනැගිය යුතු බව වාසු කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් ගොඩනගා පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කර අමාත්‍ය ධුර වැඩි කර ගැනීමේ සිහිනයක ආණ්ඩුව පසුවන බවයි.