Gossips

වියළි කලාපයේ කුඩා වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

වියළි කලාපයේ කුඩා වැව් 2400ක ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ගොවිජනතාවට අපහසුතාවකින් තොරව තම ජීවෝනාපාය සිදුකරගෙන යාමට අවස්ථාව සලසා දීම එහි අරමුණ බවයි.
ඒ සඳහා කඩිනමින් වැව් ප්‍රතිසංස්කරණය කරන ලෙසයි අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ.