Gossips

ෆැට් කමින් සහ ජේසන් හෝල්ඩර් ඉදිරියට

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හොඳම පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ෆැට් කමින් සහ බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත්ව තිබෙනවා.
ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට ෆැට් කමින් පත්ව ඇති අතර, එහි 6 වන ස්ථානයට පැමිණ ඇත්තේ ජේසන් හෝල්ඩයි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගාවලියේදී සහ කොදෙව් එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා මතයි මොවුන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත්තේ.