Gossips

දොම්පේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

ගම්පහ – දොම්පේ – ගිරිදර මන්සන්ධියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් ඊයේ රාත්‍රියේ කොල්ල කා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම කොල්ලය සිදුකර ඇති බවයි.
මෙහිදී කොල්ලකරුවන් ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බිය ගැන්වීමට අහසට වෙඩි තබා ඇති බවද සඳහන්.