Gossips

ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර හමුවට පෙර දෙරටේ නියෝජතයින් අද හමුවේ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වීමට නියමිත දෙවන සාකච්ඡාවට පෙර දෙරටේ නිළධාරීන් අතර හමුවක් අද පැවැත්වෙනවා.
ඒ, උතුරු කොරියාවේ පියොංන්ග් යැංග් අගනුවරදීයි. එම සාකච්ඡාව සඳහා සහභාගි වන ඇමරිකානු නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ න්‍යෂ්ටික අවි තාක්ෂණය ලෝකයෙන් තුරන් කිරීම ඔවුන්ගේ අරමුණ බවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන වටයේ සාකච්ඡා මේ මස අගදී වියට්නාමයේදී පැවැත්වීමට නියමිතයි.