Gossips

2019 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මේ වසර වෙනුවෙන් වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450 ක්. ඉන් රුපියල් බිලියන 2232 ක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන්කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන් කිරීම්වලින් වැඩිම මුදල වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර, එය රුපියල් බිලියන 392 ක්.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 186 ක් වෙන්කර ඇති අතර, මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 183 ක් වෙන්කර තිබෙනවා.