Gossips

දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට එන අද නම්කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට එන අද නම්කළ ශ්‍රී ලංකා සංචිතය මෙන්න "
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කළා.
එම සංචිතයෙන් හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර ඇති අතර ඊට අමතරව දිල්රුවන් පෙරේරා, සදීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වාද ටෙස්ට් සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.
මේ අනුව ඕස්ට්‍රේලියා සංචාරයට එක්නොවූ කණ්ඩායමට කැඳවා ඇති ක්‍රීඩකයන් වන්නේ කෞශ්‍යාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, ඔසඳ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, ලසිත ඇඹුල්දෙණිය, මොහොමඩ් සිරාෂ්
එම ක්‍රීඩකයන් අතුරින් ඇන්ජලෝ ඔසඳ ලසිත් සහ සිරාෂ් තවමත් ටෙස්ට් වරම් හිමිකරන්ගෙන නොමැතිවීම විශේෂත්වයක්.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් නම්කර ඇති සංචිතය පහතින්.
දිමුත් කරුණාරත්න – නායක
නිරෝෂන් දික්වැල්ල – උප නායක
ලහිරු තිරිමාන්න
කෞශ්‍යාල් සිල්වා
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
මිලින්ද සිරිවර්ධන
ධනංජය ද සිල්වා
ඔසඳ ප්‍රනාන්දු
ඇන්ජලෝ පෙරේරා
සුරංග ලක්මාල්
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
චාමික කරුණාරත්න
මොහොමඩ් සිරාෂ්
ලක්ෂාන් සඳකැන්
ලසිත ඇඹුල්දෙණිය