Politics Sri Lanka

මාධ්‍යවේදියාගේ බිරිඳට, දරුවන්ට මැර ප්‍රහාරයක්

මාධ්‍යවේදියාගේ බිරිඳට, දරුවන්ට මැර ප්‍රහාරයක්

මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගේ බිරිඳට දරුවෙකුට සහ ඥාති සහෝදරයෙකුට පහර දී පලා ගොස් ඇති බවත් තුවාල ලැබූ තිදෙනාම හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මීපේ පොලිසිය පවසයි.

10 දෙනෙකුගෙන් පමණ සමන්විත මැර කණ්ඩායමක් මෙම පහර දීම සිදුකර ඇති අතර පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත‍.

පහර දීමට පැමිණි පිරිස අතර මත් ද්‍රව්‍ය බෙදා හැරීම සහ මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිට නිදහස්ව පැමිණි නමගිය අපරාධ කරුවෙකුද සිට ඇතැයි පහර කෑමට ලක් වූවන් ලබා දුන් කට උත්තරවල සදහන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර එම පිරිස් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.