Gossips

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන්ට දඩ නියම කර මුදාහරී

කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා අද වරද පිළිගත්තා.
ඒ, කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදියි.
වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකාර සිසුන්ට රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදාහැරීමට මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂන ද අල්විස් නියම කර තිබෙනවා.
මෙලෙස දඩ නියමවූයේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 8 දෙනෙකුට වන අතර, ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 23 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.