Gossips

චීනය, ලූනා නව වසර සැමරීම අරඹයි

ලොව වඩාත්ම ජනාකීර්ණ රට වන මහජන චීනයේ මෙන්ම ලොව පුරා වෙසෙන චීන ජන ප්‍රජාව ලූනා නව වසර සැමරීම අද ආරම්භ කරනවා.
මෙවර ලූනා නව වසර හඳුන්වා ඇත්තේ ඒ සඳහා නියමිත සත්ත්වයාගේ නම ඇතුළත්ව සූකර වසර ලෙසයි.
නව වසරේදී මිලියන සංඛ්‍යාත චීන ජාතිකයන් සිය නෑ හිත මිතුරන් සමඟ එක්ව ආහාරභෝජනවල නිරත වෙමින් සැමරුම් උත්සවවලට සහභාගි වන අතර, ඒ සඳහා ඔවුන් ගම්බිම් බලා යාම ලොව විශාලතම මානව සංක්‍රමණය ලෙස හැදින්වෙනවා.
ලූනා නව වසර සැමරීම ඕස්ට්‍රේලියාවේ, බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ආසියාකරයේ අනෙකුත් රටවල සිටින චීන ජාතිකයින් සිදුකරන අතර, චීන ජාතිකයන් ඒ සඳහා මෙවර දිනකට ජාත්‍යන්තර චාරිකා දාහත් ලක්ෂයක පමණ නිරත වනු ඇති.