Gossips

ටෙස්ට් නායකත්වයේ වෙනසක්; චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් විසිවෙන ලකුණු ?

පසුගිය තරඟාවලි කිහිපය තුලදී දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබාදීමට ක්‍රිකට් බළධාරීන් තීරණය කර ඇති බව වාර්තා වනවා.
චන්දිමාල් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් ඉනිම් 10ක තුල ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණයි.
ඔහු අවසන් වරට ටෙස්ට් තරඟයක අර්ධ ශතකයක් වාර්තා කළේ නිමාවූ නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරඟයේ දෙවන ඉනිමේදීයි.
ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත් කිරීමට තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.
දිමුත් පසුගිය වසරේ ටෙස්ට් පිටියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2018 වර්ෂය සඳහා නම් කළ ටෙස්ට් කණ්ඩායමට ද ඇතුලත්කරගෙන තිබුණා.