Gossips

රේගු වර්ජනයට සතියයි – පිටකොටුවේ තොග වෙළඳසැල්, අද වැසේ

රේගු නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියදුරන්, රේගු නියාමක නිලධාරීන් මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය අද දින වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.
රේගු වෘත්තීය සමිති සඳහන් කළේ අදට තම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කොට සතියක් ගත වන නමුත් තවමත් රජය ඊට නිසි විසදුමක් ලබාදී නොමැති බවයි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් අද දිනය පුරා පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එමෙන්ම කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය මෙන්ම වාප්පු ලිපිකරුවන්ද සේවා කටයුතුවලින් ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ.