Gossips

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 4ක් රෝහලේ

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ පැරණි නගරයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වෑන් රථ දෙකක් එකිනෙක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හලාවත මහරෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මේ අතර, කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වැලිවිට ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.