Politics Sri Lanka

ග්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි

ග්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අද (26) දිනයේ ගමන් කිරීමට නියමිතව තිබූ ගමන් වාර දෙකක් අවලංගු කර තිබේ.

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පස්වරු 01.20ට කරච්චි දක්වා සහ රාත්‍රී 10.20ට මාලේ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර මෙලෙස අවලංගු කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල පවතින කාර්මික දෝෂයක් හේතුවෙන් අදාළ ගමන්වාර අවලංගු කර තිබේ.

ගුවන් යානාවල පවතින කාර්මික දෝෂ හේතුවෙන් පසුගිය 24 වනදා සිට ඇතැම් ගුවන් ගමන්වාර මදක් ප්‍රමාද වී ධාවනය වූ බවද මේ අතර වාර්තා වෙයි.