වේයන්ගොඩ – නයිවල ප්‍රදේශයේදී පිහිටි ළමා උද්‍යානයක සවි කර තිබූ කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටී එහි රැදී සිටි මවක ජීවිතක්ෂයට පත්ව දියණිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද උදෑසන කතුරු ඔංචිල්ලාවේ එක් රඳවනයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේ මවක්.
බරපතල තුවාල ලැබූ ඇගේ 13 හැවිරිදි දියණිය මේ වන විට ගමපහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබෙනවා.
rnrnrnrnrnrnrn