Gossips

මසකට දින දෙකක් ජලය ලැබෙන ගමක් ගිනිගත්හේනේ

මසකට දින දෙකක් පමණක් පානීය ජලය ලබාදීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන ගම්වාසීන් පිරිසක් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.
ඒ, ගිනිගත්හේන – පතන – අඹේගොඩ ප්‍රදේශයෙන්.
ඔවුන්ට මසකට දින දෙකක් පමණක් ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය නිකුත් කරන බවයි ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
කෙසේ වෙතත්, දින දෙකක් ජලය නිකුත් කළ ද ඊට අදාළ බිල්පත නිශ්චිත දිනට ලබාදීමට කටයුතු කිරීම පුදුමයට කරුණක් බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ.rnrnrn