Gossips

මුහුදේ සුළං වේගය ඉහළ යාමේ අවදානමක්

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ක්‍ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මාතර සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට මෙය බලපැවැත්විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
එසේම බස්නාහිර, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, සබරගමුව පළාත්වලට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට තාවකාලික තද සුළං ද අපේක්ෂා කරන අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.