Gossips

ගවයන් 17 දෙනෙක් සොරකම් කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

තණමල්විල, ඇදකොණ උණකන්ද ප්‍රදේශයේ ගව පට්ටියක සිටි මී ගවයන් 17 දෙනෙකු සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද පැමිණිල්ලක් අනුවයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේ අවුරුදු 26ත් 27ත් අතර පසුවන අය බවයි සඳහන්.
වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
වැල්ලවාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.