Gossips

ශ්‍රී දේවි ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට එයි

ඩුබායි හි මංගල උත්සවයකට සහභාගීවී සිටියදී හදිසි හෘදයාබාධයකින් මියගිය බොලිවුඩ් නිළි රැජින ශ්‍රී දේවි ගේ දේහය අද ඉන්දියාවට රැගෙන ඒමට නියමිතයි.
මේ අතර ඒ සඳහා ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්බානි සිය පෞද්ගලික ගුවන් යානයක් ඩුබායි වෙත යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වනවිට නිකුත් වී ඇති අතර එහි දැක්වෙන්නේ මෙම මරණය පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ශ්‍රී දෙවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒමට ප්‍රමාදයට හේතුව ඇයගේ රුධිර පරීක්ෂණ අවසන් වාර්තා නිකුත් වී නොමැති වීම බවයි.

වයස අවුරුදු 4 දී චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසි ශ්‍රී දේවී දෙමළ, තෙලිගු, මලයාලම් මෙන්ම හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා.
මියයන විට ඇයගේ වයස අවුරුදු 54 ක්.
නලුවෙකුගේ සහයෝගයකින් තොරව ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලීමට හැකියාවක් ලැබුනු බොලිවුඩ් තාරකාවන් කිහිපදෙනා අතරින් අයෙක් ලෙසට ද ශ්‍රී දේවී සැලකෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වන විට සැමියා වන බොනී කපුර් සහ දියණිය කුෂි ද ඇය සමග සිටි බවයි.
1978 වසරේදී ප්‍රධාන නිලියකගේ චරිතයකට රංගනයෙන් දායක වෙමින් සිනමාවට පිවිසි ශ්‍රී දේවී ඉන්දියාවේ සිනමාවේ දැවැන්තයන් අතරට පත්වීමට වැඩි කාලයක් ගතවුයේ නැහැ.
තම සිනමා දිවිය තුල ඇය රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 150 කට අධිකයි.
Mr India, Chandni, ChaalBaaz, Sadma යනු ශ්‍රී දේවි රංගනයෙන් දායක වු ඉතා ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපට කිහිපයක්.
1997 වසරේ තිරගත වූ Judaai චිත්‍රපටයෙන් පසු ශ්‍රී දේවී රංගනයෙන් ඉවත්ව සිටිනවා.
කෙසේවෙතත් යළිත් 2012 වසරේදී යළිත් රිදී තිරය වර්ණවත් කරමින් English Vinglish චිත්‍රපටයට රංගනයෙන් එක්වුනා.
ඉන්දීය රජය විසින් ලබාදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමට ද 2013 වසරේදී ශ්‍රී දේවී වාසනාවන්ත වුනා.
ශ්‍රීදේවිගේ හදිසි අභාවය ගැන දැනගත් වහාම ඉන්දීය සිනමා රසිකයන් මුම්බායි හි පිහිටි ඇගේ නිවස වෙත රොක්වෙමින් සිටින බව වාර්තාවනවා.
ඇය, ආසියානු මාධ්‍ය ජාලය – කොළඹ නෙළුම් පොකුණ රඟහලේ සංවිධාන කළ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙලටද සහභාගි වුණා.