Gossips

රේගු වර්ජනයට සුරා බදු නිලධාරීන්ගේත් සහය

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති 14 ක් එකඟත්වය පළ කර තිබෙනවා.
හෙට දිනයේදී ඊට සහය පළ කරමින් කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය මෙන්ම වාප්පු ලිපිකරුවන්ද සේවා කටයුතුවලින් ඉවත්වීමටයි තීරණය කර ඇත්තේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් හෙට දිනයේ පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාර්ල්ස් යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකිරීමට එරෙහිවයි.
ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ හෝ හෙට පෙරවරුවේ විසඳුමක් නොලැබුණහොත් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවයි වර්ජනයේ නිරත රේගු වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ.
වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් රුපියල් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් රජයට අහිමිවන බවද රේගු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් සමීර වික්‍රමසිංහ ප්‍රකාශ කළා.